ධම්ම පරායණ පදනම

පදනමෙහි දැක්ම

ලෝක සත්වයා අධ්‍යාත්මික ගුණ දහමින් පෝෂණය කොට ධම්මානුධම්ම පටිපදාවෙහි යොමු කරවමින් භව නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා මග පෙන්වීම හා ඒ තුලින් බුද්ධ ශාසනයෙහි මතු චිරස්ථිය උදෙසා ක්‍රියා කරන අතර ජාතී, ආගම් භේද වලින් තොරව පොදු මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා විවිධ සමාජ සත්කාරයන් ලාභ අපේක්ෂාවන්ගෙන් බැහැරව සද් ක්‍රියාවන්ගෙන් යුක්තව ලෝකාර්ථ චර්‍යාවෙහි නියුක්ත වීම.

පදනමෙහි මෙහෙවර

සංසාර විමුක්තිය උදෙසා නිර්වාණ අවබෝධය කිරීමට අනුගමනය කළ යුතු ආධ්‍යාත්මික සහ පෞරුෂ සංවර්ධන සාදනය කරනු වස් සද්ධර්ම මාර්ගෝපදේශණයත්, නිරුපද්‍රිත නිර්මල පතිරූපදේසවාසයක් නිර්මාණය කිරීමත් සහ බොහෝ සත්වයින්ට හිත සුව පිණිස පරාර්ථ චර්‍යාවටත් කැප වීම.